Sunday, December 9, 2007

මවුසය සොයා ගත්තේ කව්ද

පරිගණකය අද ලොකු කුඩා සැවොම භාවිතා කරනු ලබන මෙවලමකි.අද අපි පරිගණක භාවිතයෙන් විවිධ ප්‍රයෝජන ලබන්නෙමු. මෙම පරිගණකයට අයත් කොටසක් ලෙස මව්සය හැදින්විය හැකිය. පරිගණකය මෙහෙය වීම ආදිය කරනු ලබන්නේ මෙම මව්සය මගිනි.මව්සය කුඩා ඉලෙක්ට්‍රොනික මෙවලමකි.
මෙම මව්සය ලොවට හදුන්වාදෙන ලද්දේ ඇමරිකානු ජාතික විද්‍යාඥයකු වු සහ විදුලි ඉන්ජිනේරැවකු වන ආචාර්ය ඩග්ලස් සී. එන්ගල්බරිට් (Dr. Danglas C. Engelbart) විසින් 1962 වර්ෂයේ පරිගණක මව්සය පිළිබද සංකල්පය ලොව හමුවේ තැබුවේය.
ලොව මුලින්ම බිහි වූ පරිගණක ජාලයට (මෙම අද දක්නට ලැබෙන අන්තර්ජාලයේ මුල් අවස්ථාව වශයෙන් සැලකෙන Arpanet ය. අවශ්‍ය මෙවලම් නිශ්පාදනය සම්බන්ධයෙන් ඩග්ලස්ද පරීක්ෂණ කටයුතු වලට හවුල් විය. පරිගණකයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමේ සරල මෙවලමක් සෙවීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1970 වසරේදී මවුසය ලොවට දායාද කරන ලදි.
කුඩා ලෝහ රෝද දෙකකින් යුත් ලී පෙට්ටියකින් සමන්විත මෙම ලොව මුල්ම මවුසයට 1970 වසරේදී ඇමරිකානු පේටන් බලපත්‍රය නිකුත් කරන ලදි.
පරිගණක තිරයෙහි x-y ස්ථාන පෙන්වන උපකරණයක් වශයෙන් මුලින්ම මෙම මවුසය හදුන්වන ලදි. මෙම ලී පෙට්ටියෙන් විහිදුන වයරය හේතුවෙන් පසුව මවුස් යන අනුවර්ථනාමය ඊට යෙදී ඇති බව ඩග්ලස් අනාවරණය කළේය.

No comments: